ඉන්දීය මහ මැතිවරණයට දින නියම වෙයි

ඉන්දීය මහ මැතිවරණයට දින නියම වෙයි

by Staff writer 10-03-2019 | 10:02 PM
අද ඉන්දීය මහ මැතිවරණයට අදි දින නියම කෙරිණ. එය පැවැත්වෙන්නේ අප්‍රේල් 11 වැනිදා සිටයි. ඒ අනුව අදියර 7කින් යුතු ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් 11 වැනිදා ආරම්භ කෙරෙන අතර මැයි 19 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. ඡන්ද ගණන් කිරීම සිදුවන්නේ මැයි 23 වැනිදායි. මෙවර ඉන්දීය මහමැතිවරණය වෙනුවෙන් ස්ථාපනය කිරීමට නියමිත ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව ලක්ෂ 10 ක් බව විදෙස් වාර්තාවල සඳහන් ය. මිලියන 900 ක්, එසේත් නැතිනම්, කෝටි 90ක පමණ ඡන්ද දායකයෝ පිරිසක් මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති. අපේක්ෂකයින් සඳහා වන ආචාර ධර්ම පද්ධතිය ද අද සිට බලාත්මකයි. ඒ අනුව, අපරාධ චෝදනා ලැබ සිටින අපේක්ෂකයින් මැතිවරණයට පෙර අවස්ථා තුනකදී එම චෝදනා සම්බන්ධ නීතිමය තත්ත්වය පිළිබදව කරුණු දැක්විය යුතු වේ. නව ආචාර ධර්ම පද්ධතිය යටතේ ඡන්ද දායකයින්ගේ තීරණයට බලපෑමක් වන අයුරින් ප්‍ර‍තිපත්ති නිවේදනය කිරීමට නොහැකි පරිදි ඉන්දීය රජයට පවා සීමා පැනවෙයි.