ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු එක්දින තරගය අද

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු එක්දින තරගය අද ඇරඹේ

by Staff writer 03-03-2019 | 7:38 AM

COLOMBO (News 1st) - තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ.

තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙන්නේ, ජොහැන්ස්බර්ග්හිදියි. ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගී වන්නේ වසර 7 කට පසුවය. කෙසේ වෙතත් අවසන් වරට පසුගිය වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකාව එක්දින ක්‍රිකට් තරගාවලියකදී එකිනෙකා මුණගැසුණු අතර එම තරගාවලිය ද දකුණු අප්‍රිකා කණ්ඩායම ජය ගත්තේ ය. දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව පවත්වා ඇති එක්දින තරග 74 න්, තරග 31 ක් ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඉන් තරග 38 ක් දකුණු අප්‍රිකා කණ්ඩායම ජයගෙන ඇති අතර තරග 5 ක් ජය පරාජයෙන් තොරව අවසන් විය. කෙසේ වෙතත් මෙතෙක් දකුණු අප්‍රිකාවේදී එක්දින තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව නැත. තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 1 යි 30 ට ආරම්භවීමට නියමිත වේ.