by Staff writer 01-03-2019 | 10:40 AM
COLOMBO (News 1st) - මුන්දලම, කුඩා කුඹුක්කඩවල ප්රදේශයේ ආරාමයක සිටි සිල් මාතාවකට පිහියකින් ඇණ ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, සිල් මාතවගේ ගිහි කල ස්වාමි පුරුෂයා විසින් ඝාතනය සිදු කර ඇති බව ය.
පසුව ඔහු ද වස පානය කර සිය දිවි හානි කර ගෙන තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ, කුඹුක්කඩවල කුමාර මාතා ආරාමයේ සිටි 58 හැවිරිදි සිල් මාතාවකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක ය.