පළාත් රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

පළාත් රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

by Staff writer 07-02-2019 | 11:55 AM

COLOMBO (News 1st) - සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බවයි. මේ අතර ගාල්ල ප්‍රදේශයට ඊයේ පස්වරුවේ සිට ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් ගාල්ල නගරයේ පහත් බිම් රැසක් ජලයෙන් යට විය.