by Staff writer 03-02-2019 | 4:53 PM
COLOMBO (News 1st) : රටකජු සහ බඩඉරිඟු ආනයනය කිරීමේ බලපත්‍ර ලබා දීම අත්හිටුවා තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය පී .හැරිසන් මහතා සඳහන් කළේ, රටකජු සහ බඩඉරිඟු දේශීය වෙළඳපොළ තුළ ප්‍රමාණවත් පැවතීම සහ දේශීය ගොවීන් දිරි ගැන්වීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.
මේ අතර ආනයනය කරන බඩඉරිඟු සඳහා පනවා තිබූ රුපියල් 10 බද්ද රුපියල් 20 කින් ඉහළ දමා තිබේ.
මුංඇට සහ තවත් ධාන්‍ය වර්ග කිහිපයක් ආනයනය කිරීමට අදාළව බලපත්‍ර ලබා දීම අත්හිටුවීම සම්බන්ධයෙන් ද ඉදිරියේදී තීරණයක් ගන්නා බව අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසී ය.
මේ වන විට මුංඇට ආනයනය කිරීමට අදාළව බදු රුපියල් 200 ක් දක්වා ඉහළ දමා තිබේ.