කුඩු ජාවාරම් ගැන දිනකට ඇමතුම් 60ක්..?

කුඩු ජාවාරම් ගැන දිනකට ඇමතුම් 60ක්..?

by Sagarika Chathumali 29-01-2019 | 7:09 AM
News 1st : රට තුළ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය අධිතාක්ෂණික උපකරණ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීම  මේ වන විට ආරම්භ කර තිබේ. පොලීසිය සඳහන් කළේ, එම වාර්තාව ඉදිරි සති දෙක ඇතුළත ආරක්ෂක ලේකම්වරයාට යොමු කරන බවයි. මේ අතර මත්ද්‍රව්‍ය ජවාරම් සම්බන්ධයෙන් දැනුම්දීමට පසුගිය 21 වනදා හඳුන්වා දුන් 1984 විශේෂ දුරකථන අංකයට දෛනිකව ඇමතුම් 50ත් 60ත් අතර සංඛ්‍යාවක් ලැබෙන බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, ඉන් බහුතරය හෙරොයින් ජවාරම සම්බන්ධයෙන් ලැබෙන බවයි. පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ජනවාරි 20 වනදා තෙක් මෙරටින් සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණයේ බර කිලෝග්‍රෑම් 800කට අධිකයි. එම කාල සීමාවේ මත්ද්‍රව්‍ය ජවාරම් සම්බන්ධයෙන් සැකකරුවන් 5000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 10 දෙනෙකු පමණ විදෙස් ජාතිකයින් බව ද, පොලීසිය සඳහන් කළේ ය.