ට්‍රම්ප්ට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ප්‍රබල අභියෝගයක් !

ට්‍රම්ප්ට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ප්‍රබල අභියෝගයක්...!

by Staff writer 13-01-2019 | 10:08 AM

COLOMBO (News 1st) - 2020 පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්කරන බව ඩිමොක්‍රටික් පක්ෂය පවසයි.

ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක ජුලියන් කැස්ත්‍රෝ මේ බව සඳහන් කළේ, සිය මැතිවරණ ව්‍යාපාරය ප්‍රකාශයට පත් කරමිනි. එහිදී අදහස් දක්වමින් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා තුල්සි ගාබර්ඩ් සඳහන් කළේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට තම පක්ෂය සූදානම් බවයි. ජුලියන් කැස්ත්‍රෝ මෙවර අමෙරිකානු ජනපතිවරණ සටනට ඉදිරිපත් වන එකම ලතින් ජාතිකයා වන අතර තුල්සි ගාබර්ඩ් අමෙරිකානු ජනපතිවරණ සටන නියෝජනය කරන ප්‍රථම හින්දු ජාතිකයා වේ.