අංගොඩ වෙඩි තැබීමක් : තරුණයෙක් මරුට

අංගොඩ වෙඩි තැබීමක් : තරුණයෙක් මරුට

by Staff writer 07-01-2019 | 8:42 PM
COLOMBO (News 1st) : මුල්ලේරියාව අංගොඩ මංසන්ධියේදී වෙඩි තබා තරුණයෙකු ඝාතනය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු ඔහුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි. වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ 22 හැවිරිදි තරුණයෙකි. ඔහුගේ සිරුර මේ වන විට කොළඹ ජාතික රෝහලලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබේ. ඝාතනය සිදුකල පුද්ගලයින් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.