by Staff writer 06-01-2019 | 8:57 PM
COLOMBO (News 1st) : මාධ්‍ය නිදහස පිළිබඳව සමාජයේ යළිත් තියුණු කතාබහක් ඇතිව තිබියදී ශ්‍රී ලාංකික ජනතාවට කිසිසේත් අමතක නොවන එක්තරා සිද්ධියකට අද දස වසරක් සම්පූර්ණ වේ.
ඒ, සිරස මැදිරි සංකීර්ණයට එල්ල වූ මැර ප්‍රහාරයයි.
ඉන්පසු ඇරඹුණු සිදුවීම් මාලාව මෙරට ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට එල්ල කරනු ලැබුවේ, ප්‍රබල තර්ජනයකි.
එහෙත් අද වන තෙක්, ඊට සම්බන්ධ කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.
2009 වසරේ ජනවාරි 06 වැනිදා...
සිරස මාධ්‍ය ජාලයේ දෙපානම මැදිරි සංකීර්ණයේ මාධ්‍යෙව්දීහු, නිලධාරීහු ඇතුළු සියලු දෙනා සුපුරුදු පරිදි සිය රාජකාරි කටයුතුවල නිරත වෙමින් සිටියහ.
අලුයම 2.10ට පමණ හදිසියේ ම අංක තහඩු රහිත සුදු වෑන් රියකින් පැමිණි සන්නද්ධ මැර කල්ලියක් මැදිරි සංකිර්ණයට කඩා වැදුණේ ය.
මැර කල්ලිය පළමුවෙන්ම ආරක්ෂක කුටියේ නිලධාරීන් මෙන්ම එහි සිටි පිරිස ප්‍රාණ ඇපයට ගත් අතර ප්‍රධාන පාලක මැදිරිය මැරයින්ගේ පළමු ඉලක්කය විය.
ස්වයංක්‍රීය පරිගණක පද්ධතියකින් සමන්විත එය සැලකුණේ දකුණු ආසියාවේ අති නවීන රූපවාහිනී පාලක මැදිරිය ලෙසයි.
ප්‍රහාරය එල්ල කෙරුණේ එය විවෘත කර සති කිහිපයකිනි.
මේ මැර ප්‍රහාරය එල්ල කෙරුණේ ක්ලේමෝ බෝම්බ පවා අටවමින් බව හෙළි විය.
ප්‍රහාරයෙන් පසු රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ කිලෝ ග්‍රෑම් 08ක ක්ලේමෝ බෝම්බයක් ප්‍රධාන පාලක මැදිරිය තුළ පුපුරුවා හැරීමට මැරයින් උත්සාහ ගෙන තිබූ බවයි.
නමුත් සොබාදහම ඊට ඉඩ නොදුන් අතර එම ක්ලේමෝ බෝම්බයෙන් පුපුරා ගොස් තිබුණේ කොටසක් පමණක් බව පසුව අනාවරණය විය.
සියල්ල අළු දූලි බවට පත්ව තිබියදීත්, පැය කිහිපයක් තුළ යළිත් අප ජනතාව හමුවට පැමිණියේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ නිදහසට අභියෝග කිරීමට ක්ලේමෝ බෝම්බවලට නොහැකි බව මනාව පසක් කරමිනි.
අධෛර්යට පත් කිරීමට උත්සාහ කළ සෑම අවස්ථාවකම අප නොබියව නැගී සිටියේ මහජනතාව අප සමග සිටි නිසා බව පැහැදිලි සත්‍යයකි.
මේ අතර දෙපානම මැදිරි සංකීර්ණයට මේ ප්‍රහාරය එල්ල වී පැය 48 කට පසුව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කෙරිණ.
මේ ප්‍රහාරය සිදුවී අදට වසර 10 ක් වුවත් ඊට වගකිවයුත්තන් කවුරුන් ද යන්න දන්නේ ප්‍රහාරය දියත් කළ වූවන්ගේ හෘද සාක්ෂිය පමණි.
https://www.youtube.com/watch?v=20dd12qHEaE