by Staff writer 06-01-2019 | 3:14 PM
COLOMBO (News 1st) : ශ්රී ලංකා නිදහස් පක්ෂ නව මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා අද පෙරවරුවේ මහනුවර ශ්රී දළඳා මාළිගාවට පැමිණ දළඳා සමිඳුන් වැඳපුදා ගත්තේ ය.
ජයසේකර මහතා අස්ගිරි, මල්වතු සහ රාමඤ්ඤ නිකායේ මහනායක හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තේ ඉන් අනතුරුවයි.
එම අවස්ථාවට උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ද එක්ව සිටි බව අප වාර්තාකරු සඳහන් කළේ ය.