by Staff writer 04-01-2019 | 9:40 PM
COLOMBO (News 1st) - ගම්මැද්ද වැඩපිළිවෙළ අධ්‍යයනය කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂකයින් පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.
ඔවුහු අද සීමාසහිත කැපිටල් මහරාජා සංවිධාන මූලස්ථානයට පැමිණ ගම්මැද්ද වැඩසටහන පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගත්හ.
වර්ජිනියා විශ්වවිද්‍යාලයේ මෙම සිසුන් පිරිස ගම්මැද්ද වැඩසටහන තම පර්යේෂණය සඳහා යොදා ගෙන තිබේ.
එහි සිසුන් 24 දෙනෙකු අද උදෑසන සීමාසහිත කැපිටල් මහරාජා සංවිධාන මූලස්ථානයට පැමිණියේ, ඊට අදාළ දැනුම වර්ධනය කර ගැනීම සඳහා ය.
සිසුන් සහ අධ්‍යයන අරමුණ පිළිබඳව පැහැදිලි කළේ, මේ පිරිස සමග පැමිණි මහාචාර්ය මාර්ක් මොඩිකා මහතා ය.
අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිලක් බණ්ඩාර මහතා ගම්මැද්ද වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී භාවිත කළ විද්‍යාත්මක ක්‍රමවේදය පිළිබඳව එම වර්ජිනියා විශ්වවිද්‍යාලයේ සිසුන් දැනුවත් කළේ ය.
කාලයක සිට නොවිසඳුණු ජනතා ගැටලු රැසකට විසඳුම් දීමට ගම්මැද්ද වැඩසටහනට හැකි වූ අතර කල්පිටිය සින්දාත්‍රි මාතා ප්‍රාථමික විදුහලේ දරුවන් නොතෙමී අකුරු කරන්නේ ද ගම්මැද්ද ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙසයි.
අද සින්දාත්‍රි මාතා ප්‍රාථමික විදුහලේ දරුවන් ද පැමිණ සිටීම විශේෂත්වයකි.
වර්ජිනියා විශ්වවිද්‍යාල සිසුන්ට ගම්මැද්ද වී ෆෝස් ගෞරවනීය සාමාජිකත්වය ද මෙහිදී පිරිනැමිණි.