by Staff writer 04-01-2019 | 12:08 PM
COLOMBO (News 1st) - උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 ට අයත් ඩිපෝ 7 හි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින් සේවාවලින් ඉවත්ව විරෝධය පළ කරති.
ඒ, උතුරු පළාත් ප්‍රාදේශීය කළමනාකරු වහාම ඉවත් කරන ලෙස ඉල්ලමිනි.
යාපනය, කරෙයිනගර්, වවුනියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය ඇතුළු උතුරු පළාතේ ඩිපෝ
හතෙහිම සේවකයින් මෙලෙස විරෝධතාවට එක් ව සේවාවලින් ඉවත්ව සිටින බව අප වාර්තාකරුවන් පැවසූහ.
උතුරු පළාත් ඩිපෝ සේවකයින් පැවසූවේ, අදාළ ප්‍රාදේශීය කළමනාකාරවරයා සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් සේවක පරිපාලනය නතු කරගෙන අසාධාරණ ලෙස ඔවුන්ට සළකන බවයි.
රාත්‍රි දුර ගමන් සේවා හැර අන්තර් පළාත් බස් රථ සියල්ල ධාවනය නොකරන බව ද සේවකයින් පවසති.
මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරී, පී. එච්. ආර්. ටි චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, මේ වනවිට එම ප්‍රාදේශීය කළමනාකරු තාවකාලිකව ඉවත් කර පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවයි.
නව කළමනාකරුවෙකු පත් කිරීමට අදාළ සාකච්ඡාවක් සඳුදා පැවැත්වීමට යෝජනාවී ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.