දිවයිනේ ප්‍රදේශ රැසකට ශීත කාලගුණ තත්ත්වයක්

දිවයිනේ ප්‍රදේශ රැසකට ශීත කාලගුණ තත්ත්වයක්

by Staff writer 30-12-2018 | 10:07 AM

COLOMBO (News 1st) - දිවයිනේ බොහෝ පළාත්වල උදෑසන සහ රාත්‍රි කාලයේදී ශීත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, නැගෙනහිර පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසි ඇති විය හැකි බවය. මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර් 40 දක්වා තරමක තද සුළං බලාපොරොත්තු විය හැකියි. සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.