පළාත් රැසකට අද රාත්‍රීයේ ත් තද වැසි

පළාත් රැසකට අද රාත්‍රීයේ ත් තද වැසි

by Staff writer 27-12-2018 | 5:47 PM
COLOMBO (News 1st) : මධ්‍යම, සබරගමුව, දකුණ සහ බස්නාහිර පළාත්වලට අද පස්වරු 4 සිට රාත්‍රි 10 දක්වා කාලය තුළ ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය පවසන්නේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 තද වැසි ඇතිවිය හැකි බවයි. එම වැසි සමග පැයට කිලෝමිටර් 70-80 අතර තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ අකුණු සහ ගිඟුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි. මේ අතර උතුරු පළාතට බලපෑ වැසි තත්ත්වයත් සමග ඇති වූ ජල ගැලීම්වලින් පුද්ගලයින් දස දහසකට ආසන්න සංඛ්‍යාවක් තවදුරටත් ආරක්ෂිත ස්ථානවල සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.