උඩ දියළුමේදී Selfie ගැනීමට ගොස් තරුණයෙක් මරුට

උඩ දියළුමේදී Selfie ගැනීමට ගොස් තරුණයෙක් මරුට

by Staff writer 23-12-2018 | 6:12 PM
COLOMBO (News 1st) : කොස්ලන්ද උඩ දියළුම ප්‍රදේශයේදි,සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය තරුණයෙකු වතුර පිරුණු වළකට වැටීමෙන් අද පස්වරුවේ ජීවිතක්ෂයට පත්විය. පොලීසිය පැවසුවේ, විදේශිකයින් දෙදෙනෙකු හා මාර්ගෝපදේශකයෙකු සමග සංචාරයකට පැමිණි අදාළ තරුණයා පය ලිස්සා යාමෙන් අනතුරට මුහුණ පා ඇති බවයි. ඔහු, ඇල්ල කැටවනපතන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අසංක මධුෂාන් නමැති තරුණයෙකි. පය ලිස්සා ගොස් වැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේ ය.