හෙරොයින් පැකට් 2000ක් සමග තිදෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් පැකට් 2000ක් සමග තිදෙනෙකු වාද්දගොඩදී අත්අඩංගුවට

by Staff writer 22-12-2018 | 3:36 PM
COLOMBO (News 1st) - හෙරොයින් පැකට් 2000ක් සමග කාන්තාවක ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු කළුතර, වාද්දගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 50ක් සොයා ගත් අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 6ක් පමණ වන බව ය. මෙම ජාවාරම කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකු මෙහෙයවා ඇති බවට සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, මොවුන් වාද්දගොඩ ප්‍රදේශයේ කුලී නිවාසයකට පැමිණ ඇත්තේ මීට සති කිහිපයකට පෙර බව ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් 22, 29 සහ 28 හැවිරිදි රත්මලාන සහ බිබිල යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. ඔවුන් අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.