දැනුම් දෙන තුරු මුහුදු නොයන්නැයි ධීවරයින්ට උපදෙස්

නැවත දැනුම් දෙන තුරු මුහුදු යාමෙන් වළකින්න: ධීවරයින්ට උපදෙස්

by Staff writer 16-12-2018 | 12:28 PM

COLOMBO (News 1st) - නැවත දැනුම් දෙනතුරු ධීවර කටයුතු සඳහා මුහුදු යාමෙන් වළකින්නැයි ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙති.

ධීවර දෙපාර්තමේන්තුවේ සොදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, පේතායි සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින සුළි කුණාටුව හේතුවෙන් මුහුදු ප්‍රදේශ ඉතා රළු බවයි. මේ අතර පේතායි සුළි කුණාටුව ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 490 ක් නැගෙනහිර දෙසින් ස්ථානගතව පවතිනු ඇත.