අර්බූදය විසඳා ගැනීම ගැන 'ළඟ ම නෑයා'ගේ ප්‍රසාදය

අර්බූදය විසඳා ගැනීම ගැන 'ළඟ ම නෑයා'ගේ ප්‍රසාදය

by Staff writer 16-12-2018 | 5:47 PM
COLOMBO (News 1st) : මෙරට පැවති දේශපාලන අර්බුදය විසඳා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය ප්‍රසාදය පළ කරයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, මේ හරහා ලංකාවේ දේශපාලන බලවේගයන්හි පරිනතභාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය පෙන්නුම් කරන බවයි. ශ්‍රී ලංකාවේ දේශපාලය තත්ත්වයට විසඳුමක් ලැබීම ගැන ශ්‍රී ලංකාවේ ළඟ ම නෑයෙකු සහ මිතුරෙකු ලෙස තමන් සතුටට පත් වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසී ය. එහි දැක්වෙන්නේ , ඉදිරියට ශ්‍රී ලංකාවේ ජන ජිවිතය නගා සිටුවීම සඳහා ජන ජිවිතය කේන්ද්‍ර කරගත් ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම සඳහා ඉන්දියාව කැපවී සිටින බවයි. තවදුරටත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා දියුණුවේ යැයි අපේක්ෂා කරන බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ සඳහන් කළේ ය.