by Staff writer 11-12-2018 | 8:07 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් වහා තීරණයක් ගන්නැයි පාර්ශව ගණනාවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව ඊයේ ජනාධිපතිතුමාට භාර දී තිබිණි.
අදාළ වාර්තාවේ දැක්වෙන්නේ, ගිවිසුමේ නීත්‍යානුකූල නොවන කරුණු ඇතුළත් බව ය.
දෝෂ සහිතව එය සකස් කර ඇති බවත්, ශ්‍රී ලංකාවට අවාසි සහගත කරුණු අන්තර්ගත බවත් වාර්තාවේ සඳහන් ය.
කමිටුව නිර්දේශ කර ඇත්තේ, එම කරුණු නැවත සලකා බැලීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ය.