COLOMBO (News 1st) - කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ලයින් 6 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, තුවාල ලැබූවන් අතර කාන්තාවක් ද වන බවයි.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ත්‍රිරෝද රථයක යමින් සිටි පිරිසකට මෙලෙස වෙඩි තබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
සැකකරුවන් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැත.
