by Staff writer 10-12-2018 | 3:21 PM
COLOMBO (News 1st) - පේරාදෙණිය, උඩ පේරාදෙණිය ස්ප්‍රින් හීල්වත්ත ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත මෘත ශරීරය සොයා ගත් බවයි.
මියගොස් ඇත්තේ 27 හැවිරිදි මහනුවර දංගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා මියගිය පුද්ගලයාගේ ඥාති සහෝදරයන් ලෙස හඳුනාගෙන ඇති අතර 25 හැවිරිදි ඔවුන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් ය.
සැකකරුවන් අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.