කෝටි හතරක ගජමුතු සමග සිව්දෙනෙකු අත්අඩංගුවට

කෝටි හතරක ගජමුතු සමග සිව්දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 10-12-2018 | 4:38 PM

COLOMBO (News 1st) - කෝටි හතරකට අධික ගජමුතු සමග පුද්ගලයින් සිව්දෙනෙකු මහනුවර ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ පොලිස් උපාය දූත කණ්ඩායමක් යොදවා සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිරිපිටදී පුද්ගලයින් තිදනෙක් ගජමුතු 8 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර මහනුරව වැව අසළදී තව ත් පුද්ගලයකු ගජමුතු තුනක් සමග අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් පොළොන්නරුව, මොණරාගල, අම්පාර, බදුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේ ය. සැකකරුවන් අද දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.