ගාලු පාරේ රිය අනතුරු දෙකකින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගල්කිස්සේ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට: 5දෙනෙකුට තුවාල

by Staff writer 09-12-2018 | 7:57 AM

COLOMBO (News 1st) - ගල්කිස්ස සහ රත්මලාන ප්‍රදේශවල අද අලුයම සිදු වූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඉන් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ඔවුන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත. ඉන් එක් අනතුරක් සිදු ව තිබුණේ රත්මලාන ඉන්ධන පිරවුම් අසළදී මෝටර් රථ දෙකක් සහ යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙනි. පොලීසිය පැවසුවේ, ගාල්ල සිට කොළඹ දෙසට සහ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට මෝටර් රථ ධාවනය වී ඇති බවයි. එහිදී දෙදෙනෙකු මියගොස් තව ත් 4 දෙනෙකු තුවාල ලැබූහ. ගල්කිස්ස අධිකරණ සංකීර්ණය ආසන්නයේදී සිදු වූ අනෙක් අනතුරින් පුද්ගලයකු මියගොස් තව ත් අයෙකු තුවාල ලබා තිබේ. අනතුරුවලින් මියගිය සහ තුවාල ලැබුවන්ගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.