පොදු ජන පෙරමුණ හා ශ්‍රීලනිප නව සන්ධානයකට

පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව සන්ධානයකට, නායකත්වය මහින්ද රාජපක්ෂට

by Staff writer 08-12-2018 | 6:48 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් ව නව සන්ධානයක් පිහිටුවීමට තීරණය කර තිබේ.

ඒ, ඊයේ රාත්‍රි රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රාත්‍රි 7.00 ට පමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ආරම්භ විය. එය පැවැත්වුණේ ජනාධිපති නිල නිවසේදීයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කළ එහි මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසූවේ, එක් ව හදන නව සන්ධානයේ නායකත්වය මහින්ද රාජපක්ෂට මහතාට ලබා දෙන බවයි. [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/12/12-08-ROHANA-LAKSHMAN-PIYADASA-.wav"][/audio]