by Staff writer 08-12-2018 | 9:13 PM
COLOMBO (News 1st) - ඉදිරි වසර 4 තුළ ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 15ක් බවට වාර්තා වේ.
මෙවැනි විශාල ණය මුදලක් ගෙවීමට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ද ?
පසුගිය සතිය වාර්තා වන්නේ විදෙස් ආයෝජකයින් වැඩිම මුදල් ප්‍රමාණයක් මෙරටින් ඉවත් කර ගත් සතිය ලෙසයි.
පසුගිය සතිය තුළ විදෙස් ආයෝජකයින් කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කර ගත් මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 929කි.
විදෙස් ආයෝජකයින් රජයේ බැඳුම්කරවලින් ඉවත් කර ගත් මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 17කි.
මෙවැනි තත්ත්වයක් තුළ විදේශ ණය ගෙවීමට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ද?