by Staff writer 07-12-2018 | 4:44 PM
ප්‍රතිසංස්කරණය කළ ඉරණමඩු ජලාශ්‍රය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණ.
ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ 1975 වසරෙන් පසුව ජලාශ්‍රයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරුණු පළමු අවස්ථාව මෙය බවයි.
අක්කර 21ල000 භුමි ප්‍රදේශයක විහිදී ඇති ඉරණමඩු ජලාශ්‍රය මගින් පවුල් 9,180 කට සෙත සැලසෙන අතර යල-මහ දෙකන්නයේම කිසිදු ගැටලුවකින් තොරව වගා කිරීමට එමගින් ජලය සැපයෙයි.
ප්‍රතිසංස්කරණ සඳහා රුපියල් මිලියන 2000 කට වැඩි මුදලක් වැය කර ඇති අතර පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය සහ ආසියානු සංවර්ධන බැංකුවේ අනුග්‍රහය මත මෙම ජලාශ්‍රය ප්‍රතිසංස්කරණය කර තිබේ.
ජලාශ්‍රයේ දියවර නිකුත් කිරීමෙන් අනතුරුව නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ, ඉරණමඩු ජලාශ්‍රයෙන් ජලය නිකුත්වීම උතුරේ සංහිඳියාව ශක්තිමත් කිරීමට සිදු කළ යුග මෙහෙවරක් ලෙස තමන් සලකන බවයි.
ඉන් අනතුරුව ජනාධිපතිතුමා කිලිනොච්චි ශාන්තිකුලම් ප්‍රදේශයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එම ප්‍රදේශවලදී හමු වූ ජනතාව සමග සුහද කථාබහක ද ජනාධිපතිතුමා නිරත වී තිබේ.
[gallery columns="2" size="medium" ids="166001,166002,166003,166004"]