by Staff writer 05-12-2018 | 10:20 PM
COLOMBO (News 1st) - 2015 - 2016 වර්ෂවලට අදාළව රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට ලබාදෙන ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව ජනාධිපති කාර්යාලයට නියෝග කර තිබේ.
2017 වසරේ පෙබරවාරි මාසයේදී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ජනාධිපති කාර්යාලයෙන් ජනාධිපතිවරයාගේ හා වික්‍රමසිංහ මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කළේ ය.
නමුත් අවස්ථා දෙකකදී ජනාධිපති කාර්යාලය එය ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව හමුවේ කළ අභියාචනයක් සැලකිල්ල ගනිමින් එම කොමිසම මෙම නියෝගය නිකුත් කළ බව ට්‍රාන්ස්ප්‍රේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සඳහන් කළේ ය.
ජනාධිපතිවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට නියෝග නොකර රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශ පමණක් ලබාදීමට නියෝග කිරීම පිළිබඳව ද මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ ය.