by Hashini De Mel 26-11-2018 | 3:50 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු නලීන් පෙරේරා මහතා 07 දෙනෙකුගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.
එම විනිසුරු මඩුල්ල වන්නේ, අගවිනිසුරු නලීන් පෙරේරා, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මූර්තු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ය.
මෙම පෙත්සම් සඳහා අතරමැදි පාර්ශවකරුවන් ලෙස ඉදිරිපත් වූ උදය ගම්මන්පිල මහතා ඇතුළු 5 දෙනෙකු කළ ඉල්ලීම අනුව අගවිනිසුරුවරයා මෙම පූර්ණ විනිසුරු මඩුල්ල පත් කර ඇත.
පෙත්සම් විභාගය ලබන මස 04 වැනි දා ආරම්භ කිරීමට නියමිත වේ.