"මම තවමත් එජාපයේ..."

"මම තවමත් එජාපයේ..."

by Sagarika Chathumali 21-11-2018 | 9:03 PM
COLOMBO (News 1st): තමන් තවමත් එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කරන බව, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, අමාත්‍ය එස්. බී. දිසානායක මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් නිවුස් ෆස්ට් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි. අද පෙරවරුවේ අමාත්‍ය එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කළේ, වඩිවේල් සුරේෂ් මහතා, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ ආරම්භ කර ඇති බවයි. එමෙන්ම වසන්ත සේනානායක මහතා අද පැවති කැබිනට් රැස්වීමට සහභාගී වූ බව ද එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කළේ ය.