by Staff writer 04-11-2018 | 10:44 PM
COLOMBO (News 1st) : හෙට සිට ලබන 08 වැනිදා දක්වා එක්දින හා බහුදින ධීවර යාත්‍රාවලින් මුහුදු යන ධීවරයින් මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුව සියලු ධිවරයින්ගෙන් ඉල්ලීමක් කරයි.
එමෙන්ම, නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශයේ දැනට ධීවර කටයුතු වල නිරත වන ධීවරයින් හෙට රාත්‍රීයට පෙර ගොඩබිම් ප්‍රදේශ වෙත හෝ ආරක්ෂිත මුහුදු ප්‍රදේශයක් වෙත ගමන් කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දෙයි.
ඒ, එම ප්‍රදේශවල හෙට රාත්‍රී වනවිට අඩු පීඩන තත්ත්වයක් නිර්මාණය වන ලකුණු පහළ විමත් සමගිනි.
මේ හේතුවෙන් හෙට රාත්‍රීයේ සිට දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ද, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.