by Staff writer 03-11-2018 | 6:06 PM
COLOMBO (News 1st) - දූෂණය, වංචාව දේශපාලන අධිකාරියේ සිට රාජ්‍ය යන්ත්‍රයට ද ගලාගෙන එන යුගයක අවංක රාජ්‍ය නිලධාරීන් සෙවීම දුෂ්කර කාර්යයකි.
නමුත් එවන් නිලධාරීන් නැතුවා නොවේ.
ඒ නිලධාරීන් ජනතාවගේ ගෞරවයට පාත්‍ර වීම යුගයේ අවශ්‍යතාවකි.
ඒ මෙහෙවරට නායකත්වය දෙමින් මෙරට අවංකතම රාජ්‍ය නිලධාරියා ජනතා වරමින් තෝරා ගැනෙන සුපලිපන් ප්රණාම 2018 අවංකත්වයේ අභිෂේකය අද රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්විණි.
එහිදී මෙරට අවංකතම රාජ්‍ය නිලධාරියා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ, තඹුත්තේගම කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ කරුණාරත්න බණ්ඩාර මහතා ය.
මෙරට අවංකතම රාජ්‍ය නිලධාරියා ජනතා වරමින් තෝරා ගැනෙණ සුපලිපන් ප්රණාම 2018 අවංකත්වයේ අභිෂේකය සඳහා නාම යෝජනා කැඳවූයේ මේ වසරේ ජුනි මාසයේදී ය.
එහිදී ඉදිරිපත් වූ නාම යෝජනා 207ක් අතුරින් අවසන් 05 දෙනා දක්වා ප්‍රවීණ හා විද්වත් විනිශ්චය මණ්ඩලයක් යටතේ තෝරා ගැනිණි.
අවසන් 05 දෙනා අතරට එක්වූයේ තඹුත්තේගම කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ කරුණාරත්න බණ්ඩාර, බස්නාහිර පළාත් වනජීවී සංරක්ෂණ සහකාර අධ්යක්ෂ උපුල් ඉන්ද්‍රජිත්, මහනුවර නගර සභාවේ පරිපාලන නිලධාරිනී ඉනෝකා කුලතුංග, සෞඛ්‍ය අමාත්‍යංශයේ පුද්ගලික සෞඛ්‍ය සංවර්ධන අංශයේ අධ්යක්ෂ ආචාර්ය වසන්ත දිසානායක, මහනුවර ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනී කමනි අශෝකා ද සිල්වා යන මහත්ම මහත්මීන් ය.
ඔවුන් අතරින් මෙරට අවංකතම රාජ්‍ය නිලධාරියා ලෙස ජනතා වරමින් අද අභිෂේක ලැබුවේ, තඹුත්තේගම කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ කරුණාරත්න බණ්ඩාර මහතා ය.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය හා නිව්ස්ෆස්ට් එක්ව මෙවන් පිරිසිදු රාජ්‍ය සේවකයින් අගයන්ට ඉදිරියටත් සූදානම්...