ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ත් තෙල් මිල පහළ දමයි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ත් තෙල් මිල පහළ දමයි

by Staff writer 02-11-2018 | 8:05 PM
COLOMBO (News 1st) : ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දමා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 11 කින් පහළ දමා ඇති බවයි. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 118කි. 92 පෙට්‍රල් ලීටරයක මිල පහත දමා ඇත්තේ රුපියල් 2 කිනි. ඒ අනුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 153ක් වේ. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල වල ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් පහත දැමිණ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 145කි. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් පහළ දැමූ අතර ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 116යි.