එස්. ආර්. ආටිගල මුදල් අමාත්‍යංශයේ නව ලේකම් ධූරයට

මුදල් අමාත්‍යංශයේ නව ලේකම් ලෙස එස්. ආර්. ආටිගල පත් කෙරේ

by Staff writer 31-10-2018 | 4:45 PM

COLOMBO (News 1st) - මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස එස්. ආර්. ආටිගල මහතා පත් කර තිබේ.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සංඛ්‍යානය පිළිබඳ උපාධිධාරියෙකි. ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවයට එක් වූ ඒ මහතා මේ වනවිට එහි සහකාර අධිපතිවරයෙකු හා මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළේ ය.