ජනපති මෛත්‍රීගෙන් ඉන්දීය අගමැතිට ඇමතුමක්

ජනපති මෛත්‍රීගෙන් ඉන්දීය අගමැතිට ඇමතුමක්

by Sagarika Chathumali 17-10-2018 | 9:14 PM
COLOMBO (News 1st) : ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් අතර අද පස්වරුවේ දුරකථන සංදවාදයක් පැවැත්විණ. මෙහිදී නායකයින් ඉතා සුහදශිලී කථාබහක නිරත වූ අතර ශ්‍රී ලංකාවේ දැනට සිදුකෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳව ද සාකච්ඡා කර තිබේ. ශ්‍රී ලංකාවේ සෞභ්‍යගය සහ සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය ඕනෑ ම සහයක් ලබාදෙන බව එම අවස්ථාවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දැඩි මිත්‍රත්වය සහ සුහදශිලීභාවය තව තවත් ශක්තිමත්ව ඉදිරියට පවතින බවයි. සමීප මිතුරේකු සහ සහෝදර රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහ සාර්ථකත්වයට ඉන්දියාව ලබාදෙන සහාය ජනාධිපතිවරයා මෙහිදී විශේෂ ඇගයීමට ලක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.