by Staff writer 17-10-2018 | 6:37 PM
COLOMBO (News 1st) : ඉදිරි දිනවලදී දිවයින පුරා විශේෂයෙන් ම කඳුකර ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම, ඌව, සබරගමුව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි.
මේ අතර නෝවුඩ් ප්‍රදේශයේ නායයාම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදේනි නවගමුව මහතා ඇතුළු ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීහු පිරිසක් අද එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
තමන් ලබාගත් දත්ත පදනම් කර ගනිමින් නායයාමට ලක් වූ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගය යළිත් එම ස්ථානයේම ඉදි කිරීමට හැකි ද යන්න වාර්තාවක් ඉදිරියේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයට ලබාදෙන බව ආචාර්ය උදේනි නවරත්න මහතා සඳහන් කළේ ය.
හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නායයාමට ලක් වූ ස්ථානයට ඉහළින් සැහැල්ලු වාහන සහ ජනතාවට ගමන් කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් දැනට තිබෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් පවතී.
මේ අතර මේ අතර නායයාම් හේතුවෙන් නිවාස අහිමිවූවන් වෙනුවෙන් නව ඉඩම් ලබා දීමට කටයුතු කරන බව ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් ප්‍රදීප් සුමනසේකර මහතා පැවසී ය.
නිවුස් ෆස්ට් කළ විමසීකදී ඔහු කියා සිටියේ, ඒ සඳහා වනවිට කටයුතු සම්පාදනය කරමින් සිටින බවයි.
බගවන්තලාව, බළන්ගොඩ ,මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නිව් වැලිගම ප්‍රදේශයෙන් නායයාමකට ලක්වූයේ ඉකුත් 15 වන දා පෙරවරුවේයි.
ඉන් අනතුරුව එම මාර්ගයේ වාහන ගමනාගමනය අත්හිටුවී ය.
කාසල්රී ජලාශයට තරමක් නුදුරින් පිහිටි නිවාස 5 ක් ද නායයාමට ලක්වු අතර ඉන් නිවාස 4 කටම දැඩි හානි සිදුවිය.