නෙකටුණුවැව දහම් පාසල් දරුවන්ගේ සිහිනය සැබෑ වෙයි

නෙකටුණුවැව දහම් පාසල් දරුවන්ට ගම්මැද්දෙන් නව ගොඩනැගිල්ලක්

by Staff writer 11-10-2018 | 10:20 PM
COLOMBO (News 1st) - ජන හදවතට සංවේදී වූ ගම්මැද්ද වැඩ දහසක් අද අනුරාධපුර, නෙකටුණුවැව ජනතාවගේ තවත් බලාපොරොත්තුවක් සැබෑ කිරීමට හැකියාව ලැබිණි. අනුරාධපුර, නෙකටුණුවැව, සීප්පුකුලම දහම් පාසල් දරුවන්ගේ වගේම ආචාර්ය මණ්ඩලයේ එකම සිහිනය මල්ඵල ගන්වන්නට ගම්මැද්දට හැකියාව ලැබිණි. ශ්‍රී සම්බුද්ධ විහාරස්ථානයට අනුබද්ධව ඇති මෙම දහම් පාසලේ දරුවන් 150ක් පමණ ඉගෙනුම ලබති. එම දරුවන් අඩක් සාදා නිම කළ ගොඩනැගිල්ල තුළ දහම් අධ්‍යාපනය ලැබුවේ මහත් අපහසුතාවකිනි. ගම්මැද්ද වැඩ දහසක් ව්‍යාපෘතිය මගින් අද පෙරවරුවේ දහම් පාසලේ අඩක් ඉදිකළ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නිමා කර සිසු අයිතියට පත් කළේ ය. මේ උත්සවයට නිව්ස්ෆස්ට් පරිපාලන අධ්‍යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි දයානන්ද මහතා ඇතුළු නිව්ස්ෆස්ට් සාමාජිකයින් සහ එස්ලෝන් පුද්ගලික සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ඉන්දික ගීකියනගේ සහ වෙළෙඳ සන්නාම කළමනාකරු ඉසුරු ජයවීර යන මහත්වරු එක්ව සිටියහ. මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය දැක්වූයේ එස්ලෝස් ආයතනය, ජේ.එස්. ගුණවර්ධන මහත්මිය හා එම්.පී.එස්. පෙරේරා මහත්මිය යි.