විවියන් ග්‍රේග් මහත්මියගෙන් ගම්මැද්දට පරිත්‍යාගයක්

ටෝනී ග්‍රේග් මහතාගේ බිරිඳගෙන් ගම්මැද්දට විශේෂ මුදල් පරිත්‍යාගයක්

by Staff writer 04-10-2018 | 10:09 PM
COLOMBO (News 1st) - අභාවප්‍රාප්ත ජනප්‍රිය ක්‍රිකට් විස්තර විචාරක ටෝනී ග්‍රේග් මහතාගේ බිරිඳ වන විවියන් ග්‍රේග් මහත්මිය නිව්ස්ෆස්ට් ගම්මැද්ද වෙත විශේෂ මුදල් පරිත්‍යාගයක් සිදු කළා ය. ලන්ඩන් නුවර සෙන්ට් මාර්ටින්ස් දේවස්ථානයේදී පැවති ටෝනි ග්‍රේග් අනුස්මරණ වැඩසටහනේදී එක්වූ මුදල් විවියන් ග්‍රේග් මහත්මිය මෙලෙස පරිත්‍යාග කර තිබේ. ශ්‍රී ලංකාවට දැඩි ලෙස ඇලුම් කළ ටෝනී ග්‍රේග් මහතා සහ පවුලේ සාමාජිකයෝ ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත වෙනුවෙන් මෙම මුදල් ලබා දීමට තීරණය කළහ. නිව්ස්ෆස්ට් වෙනුවෙන් බන්දුල ජයසේකර මහතා එම පරිත්‍යාගය ලබා ගත්තේ ය.