by Staff writer 02-10-2018 | 10:58 AM
COLOMBO (News 1st) : රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනව යටතේ අත්අඩංගුවට ගෙන සිටින ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ හිටපු පාලකවරයෙකු වන මහගමගේ ගාමිණී මහතා ලබන 9 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ ඔහු අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ද එදිනට නිකුත් කිරීමට නියමිත වේ.
ජපානයෙන් ආනයනය කළ වසර 10කට වඩා පැරණි වාහන දෙකක් රේගු භාරයෙන් මුදා හැරීම සඳහා සැකකරු එම අල්ලස් ලබා ගත් අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් අංශ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබී ය.