by Sagarika Chathumali 02-10-2018 | 8:13 AM
COLOMBO(News 1st) පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ණ අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ, දිවයිනට දකුණ, ගිනිකොනදිග සහ බස්නාහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ භාවිතයේදී ධීවර සහ නාවුක ප්‍රජාව සැලකිලිමත් විය යුතු බවයි.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මීගමුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ත් සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බවත් එම අනතුරු ඇඟවීම් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.