ප්‍රවේශ පත්‍ර නැතිව දුම්රියේ ගිය 1163ක් අත්අඩංගුවට

ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියේ ගමන් ගත් පුද්ගලයින් 1163 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 01-10-2018 | 5:55 PM

COLOMBO (News 1st) - වසරේ මේ දක්වා කාලය තුළ ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියේ ගමන් ගත් පුද්ගලයින් 1163 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා සඳහන් කළේ, ඔවුන්ගෙන් දඩ මුදල් ලෙස රුපියල් 36 ලක්ෂ 11 දහස් 293ක මුදලක් අය කරගෙන ඇති බවයි. මේ අතර දුම්රිය තුළ අනවසර වෙළෙඳාම් කළ පුද්ගලයින් 146 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් දඩ මුදල් ලෙස රුපියල් එක් ලක්ෂ හැට පන්දහස් දෙසීය පනහක මුදලක් අයකර ගෙන ඇත. තෙවන පන්තියේ දුම්රිය ප්‍රවේශ පත්‍ර භාවිතා කරමින් දෙවන පන්තියේ ගමන්ගත් පුද්ලගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් ලක්ෂ 25 දහස් 425ක දඩ මුදලක් ද අයකර ගෙන ඇතැයි අනුර ප්‍රේමරත්න මහතා සඳහන් කළේ ය. පසුගිය වසරට සාපේක්ෂව දුම්රිය ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් ගන්නා මගීන් වාර්තාවීම ඉහළ යාම හේතුවෙන් ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීම් දැඩි කර ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.