හැටන් කැළි කසළ ගොඩ ගැසීමෙන් ජනතාවට පීඩා

හැටන් කැළි කසළ ගොඩ ගැසීමෙන් ජනතාවට පීඩා

by Staff writer 30-09-2018 | 12:56 PM

COLOMBO (News 1st) - හැටන්, දික්ඔය නගර සභාව මගින් ප්‍රතිචක්‍රියකරණය කළ නොහැකි ඝන අපද්‍රව්‍යය හැටන් ඉරිදා පොළ භූමියේ ගොඩ ගසා තිබීම හේතුවෙන් එම පොළ භූමිය අසළ ව්‍යාපාරිකයන් මෙන් ම ඉරිදා පොළට පැමිණෙන පාරිභෝගිකයන් ද දැඩි අපහසුතාවට පත් ව තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ, පවතින වර්ෂාවත් සමගම කැළි කසළ ගොඩ නිසා දැඩි දුගඳක් හමන බවත් පවත්නා තත්ත්වය මත එම ස්ථානයේ ව්‍යාපාර කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.