by Staff writer 29-09-2018 | 6:45 PM
COLOMBO (News 1st) - අනුරාධපුර රඹැවෙළේ වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු මුදා ගැනීමට වනජීවී නිලධාරීන් මීට දින 4කට පෙර සිදු කළ මෙහෙයුමකදී වන අලියා අලි වෙඩිල්ලකට හසු වී තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ මෙතෙක් අදාළ වන අලියා සොයා ප්‍රතිකාර කිරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර නොමැති බව ය.
ගල්කිරියාගම වනජීවී නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මෙම මෙහෙයුම සිදු කර තිබිණි.
වන අලියා මුදා ගැනීමෙන් අනතුරුව ඔහු පළවා හැරීමට වනජීවී නිලධාරීන් එල්ල කරන අලි වෙඩිල්ලක් වන අලියා සිය හොඬයෙන් කට තුළට දමා ගැනීමට උත්සහ කිරීම හේතුවෙන් තුවාල ලබා තිබේ.
අනතුරට පත් වන අලියා කහල්ල පල්ලකැළේ රක්ෂිතයට ගමන් කළ ද එම වන අලියා සම්බන්ධයෙන් පසුව සොයා බැලීමක් සිදු කළේ ද යන්න අපි ගල්කිරියාගම අඩවි වන නිලධාරී ඩී. රාමසිංහ මහතාගෙන් විමසීමක් කළෙමු.
අප කළ විමසීමකදී ඔහු පැවසුවේ, එවැනි සිද්ධියක් වාර්තා නොවුණු බව ය.
කෙසේ වෙතත් එම වන අලියා අලි වෙඩිල්ලට හසු වී තුවාල ලබන දර්ශන අප වෙත ලැබී තිබේ.
අදාළ දර්ශන පහතින් දැක්වේ.
වනජීවීන්ගේ ආරක්ෂාවට සිටින ඇතැම් වනජීවී නිලධාරීන් ද තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන්නේ නම් එම සතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකියන්නේ කවුරුන් ද?