බන්ධනාගාරයට රැගෙන එන සියලු ද්‍රව්‍ය STF පරීක්ෂාවට

බන්ධනාගාර රැඳවියන් බැලීමට එන අමුත්තන් රැගෙන එන සියලු ද්‍රව්‍ය STF පරීක්ෂාවට

by Staff writer 28-09-2018 | 3:13 PM

COLOMBO (News 1st) - බන්ධනාගාර රැඳවියන් බැලීමට පැමිණෙන අමුත්තන් රැගෙන එන සියලු ද්‍රව්‍ය විධිමත් පරීක්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර අමාත්‍යාංශය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, වැලිකඩ සහ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරවල ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය ලබන 01 වන දා සිට අනුයුක්ත කරන බවයි. ඒ අනුව බන්ධනාගාර තුළට රැගෙන එන ද්‍රව්‍ය විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට සැළසුම් කර තිබේ. මේ අතර බන්ධනාගාරවල රැඳවියන් හා පිටත පුද්ගලයින් සමග පවතින සබඳතා වැළැක්වීමට මේ යටතේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද බන්ධනාගාර අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.