ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනාවක් !

චීනය අමෙරිකාවේ අතුරු මැතිවරණයට බලපෑම් කිරීමට ප්‍රයත්න දරන බවට ට්‍රම්ප්ගෙන් චෝදනා

by Staff writer 27-09-2018 | 9:14 AM

චීනය, අමෙරිකාවේ පැවැත්වීමට නියමිත අතුරු මැතිවරණයට බලපෑම් කිරීමට ප්‍රයත්න දරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ලෝක නායකයන් අමතමිනි. චීනයට වෙළෙඳාම සම්බන්ධයෙන් අභියෝග කළ ප්‍රථම ජනාධිපතිවරයා තමන් බැවින් තමන් හෝ සිය පක්ෂය ජයග්‍රහණය කරනු දැකීමට චීනයට අවශ්‍ය නොමැති බව ද අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ය. කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා මෙම චෝදනා තහවුරු කිරීමට සාක්ෂි ඉදිරිපත් කර නොමැත. වෙළෙඳ බදු පැනවීම හමුවේ චීනය සහ අමෙරිකාව අතර බවතින වෙළෙඳ යුද්ධය උත්සන්නව ඇති මෙවන් අවස්ථාවක අමෙරිකානු ජනාධිපතිවරයා එල්ල කළ මෙම චෝදනා චීනය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.