එ.ජා. සංවර්ධන අරමුදල ශ්‍රී ලංකාව සමග නව ගිවිසුමකට

එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල ශ්‍රී ලංකාව සමග නව ගිවිසුමකට එළැඹේ

by Staff writer 27-09-2018 | 4:04 PM
COLOMBO (News 1st) - මෙරට සමාජ සංවර්ධනයට අදාළ සෘජුව බලපාන ක්ෂේත්‍රවල ශීඝ්‍ර සංවර්ධනය උදෙසා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සමග ශ්‍රී ලංකාව නව ගිවිසුමකට අත්සන් තබා තිබේ. ජනාධිපතිවරයා නිව් යෝර්ක් නුවර සංචාරයේදී ගිවිසුමට අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. සමාජ ප්‍රගමනය සඳහා වූ අරමුදලක් පිහිටුවීම හා සමාජ ව්‍යවසායකත්ව අරමුදලක් පිහිටුවීම ද මේ හරහා සිදුවනු ඇති. එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ශ්‍රී ලංකා ව්‍යාපෘති සඳහා පෞද්ගලික අංශය ද සහභාගී කරවා ගැනීම මේ තුළින් අපේක්ෂිත ය.