සිවිල් ආරක්ෂක භටයා අලි ප්‍රහාරයෙන් මරු දකී

අලි පළවා හැරීමට ගිය සිවිල් ආරක්ෂක භටයා අලි ප්‍රහාරයෙන් මරු දකී

by Staff writer 18-09-2018 | 1:51 PM
COLOMBO (News 1st) : පුත්තලම, ගල්කුලම කන්දයාය ප්‍රදේශයේ සිදුකළ වන අලි පළවා හැරීමේ මෙහෙයුමකදී අලියෙකු කළ පහර දීමකින් සිවිල් ආරක්ෂක භටයෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, වන අලියා කළ පහරදීමෙන් තවත් සිවිල් ආරක්ෂක භටයෙකු තුවාල ලබා ඇති බවයි. ඊයේ පස්වරුවේ සිදුවූ මෙම පහරදීමෙන් මියගොස් ඇත්තේ මුනමල්දෙණිය ඉහලපුලියන්කුලම ප්‍රදේශයේ 53 හැවිරිදි පදිංචිකරුවෙකි. මෙම සිවිල් ආරක්ෂක භටයන් දෙදෙනා වනජීවි දෙපාර්තුමේන්තුවට අනියුක්තව සේවය කර ඇති බව පොලීසිය පැවසී ය. https://www.youtube.com/watch?v=qlKA3sraBKk