අලි රොෂාන්ට නඩු පවරන්නැයි, ඉල්ලීමක්

අලි රොෂාන්ට නඩු පවරන්නැයි, නීතිපති අගවිනිසුරුගෙන් ඉල්ලයි

by Staff writer 16-09-2018 | 5:55 PM
COLOMBO (News 1st) : කුප්‍රකට අලි ජාවරාම්කරුවෙකු ලෙස සැලකෙන අලි රොෂාන් හෙවත් නිරාජ් රොෂාන් ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ. නීතිපති ජයන්ත ජයසුරීය මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, වසරක කාලයක් තුළදී මොහු නීතිවිරෝධීව අලි සිව් දෙනෙකු ළඟ තබා ගෙන ඇති බවයි. නීතිවිරෝධීව අලි ළඟ තබා ගැනීම සහ ඊට අනුබල දීම සම්බන්ධයෙන් මෙම නඩුව පැවරීමට නියමිත බව ද නීතිපති ජයන්ත ජයසුරිය මහතා සඳහන් කළේ ය. මෙම ඉල්ලීමට අගවිනිසුරුවරයාගෙන් සාධනීය පිළිතුරක් ලද වහාම ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව අප කළ විමසීමේදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා පැවසී ය.