තායි තරුණියන් 14ක් කොල්ලුපිටියේදී අත්අඩංගුවට

තායි තරුණියන් 14ක් කොල්ලුපිටියේදී අත්අඩංගුවට

by Staff writer 12-09-2018 | 4:17 PM
COLOMBO (News 1st) : වීසා රෙගුලාසි උල්ලංඝණය කරමින් මෙරට රැඳී සිටි තායිලන්ත තරුණියන් 14 දෙනෙකු ආගමන - විගමන දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොල්ලුපිටිය ප්‍රදේශයේ අද පෙරවරුවේ කරන ලද වැටලිමකදී එම තරුණියන් සිය භාරයට ගත් බවයි. ආගමන - විගමන නීතිය අනුව ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය. ආගමන - විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ, මූලික විමර්ශනවලින් අනතුරුව එම තරුණියන් මෙරටන් පිටමං කිරීමට කටයුතු කරන බවයි.