5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සංඛ්‍යාව දෙගුණ කිරීමට සැලසුම්

ශිෂ්‍යත්ව සමතුන්ට ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව දෙගුණ කිරීමට සැලසුම්

by Staff writer 30-08-2018 | 12:08 PM

COLOMBO (News 1st) - 5 වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමතුන්ට ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවා විතාණ මහතා සඳහන් කළේ, දැනට ශිෂ්‍යත්ව සමතුන්ට ශිෂ්‍යත්ව 15,000 ක් ලබා දෙන බවයි. එම සංඛ්‍යාව 30,000 ක් දක්වා ඉහළ නැංවීම වැඩපිළිවෙළ යටතේ නියමිත ය. ඒ සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය. අමාත්‍යංශය පැවසුවේ, මෙවර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ට නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි