මහමුහුදේ අනතුරට පත්ව සිටි ධීවරයින් මුදා ගැනේ

මහමුහුදේ අනතුරට පත්ව සිටි ධීවරයින් මුදා ගැනේ

by Sagarika Chathumali 20-08-2018 | 10:24 AM
COLOMBO (News 1st) : අම්බලන්ගොඩ ධීවර වරායෙන් මුහුදු ගොස් අනතුරට ලක්ව සිටි ධීවරයින් 11 දෙනෙකු මුදාගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ පෙරවරුවේ ධීවර කටයුතු සඳහා මුහුදු ගිය අදාළ ධීවරයින් පිරිස හික්කඩුව ප්‍රදේශයට ආසන්න මුහුදු සීමාවේදී දිය රැලකට හසුවී අනතුරට පත්ව තිබූ බවයි. යාත්‍රාව දිය රළ පහරකට හසුවී අනතුරට පත්වූ බවට ඊයේ පස්වරුවේ ඔවුන් ඥාතීන්ට දැනුම් දී තිබිණ. කෙසේ වෙතත් රාත්‍රී 9 න් පසු අදාළ ධීවරයින් සමග දුරකතන සම්බන්ධතා බිඳ වැටී තිබූ අතර මුදාගැනීමේ මෙහෙයුම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ නාවික හමුදාව දියත් කර තිබිණ.